නව නාවික හමුදාපතිවරයෙක් පත් කරයි

0
350

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පත් කර තිබෙනවා.

ඔහු අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්විම් ලිපිය ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ. පියල් ද සිල්වා මහතාගේ පත්වීම හෙට සිට බලාත්මකයි.

රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයායි.

ඔහු මෙතෙක් කටයුතු කලේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙසටයි.

නාවික හමුදාපතිවරයා ලෙස මේ දක්වා කටයුතු කල වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හෙට විශ්‍රාම යාමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here