නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද සිදුවේදැයි සැක ! – නම් 32කුත් යෝජනා වෙයි

0
160

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අදත් (18) සිදු නොවනු ඇතැයි දේශපාලන ආංරචි මාර්ග සඳහන් කර සිටිනවා.

කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ ඊයේ (17) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේ බොහෝ විට අද (18) දිනය තුළ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බවයි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වන්නේ එක්සත් ජාතික පෙරමුණ විසින් යෝජනා කෙරෙන නාමලේඛණය ජනාධිපතිවරයා වෙත අද යොමු කෙරෙණු ඇති බවයි.

තිබිය හැක්කේ න් 30ක් පමණත් වූවද මේ වන විට එම ලැයිස්තුවට නම් 32ක් ඇතුලත් බවත් නාමලේඛණයට ඇතුළත් කර සිටි කිහිපදෙනෙකුගේ නම් අද දිනය තුළ සංශෝධනය වනු ඇතැයි ද දේශපාලන ආරංචි වැඩිදුරටත් පවසා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here