නවීන ගිලන් රථ 132ක් ශ්‍රී ලංකාවට

0
94

රුපියල් මිලියන 2500ක් වටිනා එංගලන්තයේ “ෆොර්ඩ්” සමාගම නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 132 අවශ්‍ය දිවයින පුරා පිහිටි රෝහල් 132 කට බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට නියමිත බව එම අමාත්‍යංශය නිවේදනය කළේය.

මෙවැනි ගිලන් රථ 250 ක් රෝහල් වලට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

තව ද ජර්මනියේ බෙන්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 100 ක් ද, දිවයින පුරා රෝහල්වලට බෙදාදීමට පියවර ගෙන තිබේ. දැනට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් රෝහල්වලට බෙදා දී ඇත.

මෙවර බෙදාදීමට නියමිත ෆොර්ඩි වර්ගයේ ගිලන් රථ පළාත් සභා රෝහල් 103 කට ද, මධ්‍යම රජයේ රෝහල් 27 කට ද ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් දෙකකට ද ලබා දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here