නවසීලන්ත ප්‍රහාරයට හේතුව ඝාතකයා විසින් හෙළිකරයි

0
997

මෙම ප්‍රහාරය සිදු කළ පුද්ගලයා, ඕස්ට්‍රේලියානු පුරවැසියකු බවත්, ඔහු අන්තවාදී අන්තදක්ෂිනාංශික ත්‍රස්තවාදියෙක් බවත් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

එමෙන්ම යුරෝපයට පැමිණෙන සංක්‍රමණිකයින් හේතුවෙන් ත්‍රස්ථ ප්‍රහාර දියත්වීම වැඩිවන බවත් එය වළක්වාලීමට ඔහුට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කරන අතර පිටස්තරයින් යුරෝපා රටවලට ඇතුලත් වීම නවත්වාලිමටත් Ebba Akerlund මිය යාම නිසා ඊට පලිගැනීමක් මේ මඟින් සිදු කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම වෙඩි තැබීම මුස්ලිම් පල්ලියකින් ආරම්භ කළ බවත් ඔහුට අවශ්‍යව තිබුනේ පිරිස වැඩි සාරවත් පරිසරයක ඝාතන සිදුකිරීමට බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

Brenton Tarrant ඔහු මෙලෙස පවසනවා, “මම කම්කරු පන්තියක ඉපදුණූ දුප්පත් මනුස්සයෙක්. ඒ නිසා අපේකම මට දැනෙනවා. ඔවුන් අපේ භූමිය අත්පත් කරගනිමින් සිටිනවා. මේ භූමිය ඔවුන්ගේ භූමිය නොවේ. අපේ උපන්බිම අපිටයි අයිති. සුදු මිනිසුන් තාමත් ජිවත් වෙනවා. ඔවුන්ට කිසිදාක අපව යටත් කරගන්නට හෝ සුදු මිනිසුන් ඉවත් කරන්නට හැකියාවක් නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here