නවදිල්ලි නුවර හෝටලයක ගින්නක් -17ක් මරුට

0
308

ඉන්දියාවේ නවදිල්ලි නුවර මහල් 05 කින් සමන්විත හෝටල් සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගින්නෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙන කරෝල්බාග් ප්‍රදේශයේ පිහිටි අර්පිට්පැලස් හෝටල් සංකීර්ණයේ අද(12) අළුයම 04.00 ට පමණ මෙම ගින්න හටගෙන තිබේ.

ඉහළ මහලේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා පැය 03 ක පමණ කාලයක් ගතවී ඇති බව වාර්තා වෙයි.

ගින්නෙන් දිවි බේරාගැනීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු ඉහළ මහලේ සිට බිමට පැන ඇති අතර එහිදී කාන්තාවක් සහ කුඩා ළමයෙකු මියගොස් ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.