නවගම්පුරට වන අලි තර්ජන

0
239

අම්පාර නගර සීමාවේ පිහිටා තිබෙන නවගම්පුර ගම්මානයට පැමිණි වන අලියෙක් නිවසක් තුලට රිංගා එම නිවස විනාශ කර තිබේ. මෙම නිවසේ අයිතිකරු නිවස තුල කාමරයක නිදාගෙන සිට ඇති අතර නිවසේ ඉදිරිපිට ජනේලය කඩාගෙන නිවස ඇතුලට පැමිණි වන අලියා ඔහු නිදා සිටි කාමරයේ දොරට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ප්‍රහාරය සමඟ දොර ඇරී ඇති අතර කාමරයේ ජනේලයෙන් එලියට පැන ජීවිතය බේරා ගැනීමට ඔහුට හැකිව තිබේ. පසුව නිවස තුල සිටම අලියා නිවසේ බිත්ති පෙරලා විනාශ කර තිබෙන බව අප වාර්තාකරු පැවසීය. එම නිවස යාබද නිවසටද ගොස් එම නිවසේ ඉදිරිපස දොර කඩා එම නිවසේ තිබූ ත්‍රීවිල් රථයටද ප්‍රහාරයක් එල්ල කර ගිය බව ගම්වැසියන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here