නදිමාල් සහ අමල් මුදාගන්න දැඩි උත්සහයක

මෙරට පාතාලයේ ප්‍රබලයා ලෙස හැඳින්වෙන මාකඳුරේ මධුෂ් මෙන්ම අපරාධ කල්ලි සාමාජිකයින් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් පසුගිය 04 වනදා ඩුබායිහි ජුමෙයිරා මරීනා ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඒ කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය පානය කිරීමේ චෝදනාව මතයි.

අනතුරුව ඩුබායි පොලීසිය ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කළ අතර අත්අඩංගුවට පත්වූවන් අතරින් කිහිපදෙනෙකුගේ රුධිර සාම්පලවල කොකේන් අන්තර්ගතව ඇති බවට එහිදී හඳුනා ගෙන තිබේ.

එම පිරිස අතර මාකඳුරේ මධූෂ්, ගායක අමල් පෙරේරා සහ රංගන ශිල්පි රයන් වෑන් රෝයන්ද සිටින බවයි තොරතුරු වාර්තා වෙයි.

අදාළ රුධිර සාම්පල පරීක්ෂාවලදී ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා, මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳ ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු කොකේන් භාවිත කර නොමැති බවට අනාවරණ වූ නිසා ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතීමය ක්‍රියාමාර්ග නොගනු ඇති බවද වාර්තා වෙයි.

එසේවුවද ඔවුන් මේ වනවිටත් පොලිස් රැඳවුම් භාරයේ සිටින බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ගායක අමල් පෙරේරා , ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නීතීඥ උදුල් ප්‍රේමරත්න ඇතුළු නීතීඥ කණ්ඩායමක් පසුගියදා ඩුබායි වෙත පිටත්ව ගියාය.

නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කලේ එරට නීතීයට අනුව මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන පිරිසක් පොලිස් විමර්ශන අවසන් වනතෙක් පොලිස් රැඳවුම් භාරයේ තබාගැනීමට එරට පොලිසියට බලය ඇති බවයි.

ඒ අනුව පිරිස මේ වනවිට ඩුබායිහී බර් ඩුබායි පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර ඔවුන් අතරින් නඩු පවරන්නේ කුමන සැකකරුවන්ට එරෙහිවද යන්න තීරණය කිරීමේ බලයද එරට පොලිසීයට පැවරෙන බව ඒ මහතා සඳහන් කළේය.

එම නිසා ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් යන අය අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට පෙර ඔවුන් නිදහස් කරගැනීම සඳහා මෙරටින් පිටත්වූ නීතීඥ කණ්ඩායම උත්සාහ කරමින් සිටින බවයි නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

මේ අතර මාකඳුරේ මඳුෂ් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ මෙවැනි අදහසක් පළකළා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න