නඩුව අවසන් වන තෙත් නාලක සිල්වාට ඇප නෑ

0
279

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනයට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලැබ සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ,හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීම (තාවකාලික විධිවිධානපනත) 7.(2) වගන්තිය ප්‍රකාරව මෙම අධිකරණයට ඇප ලබා දීමේ බලයක් නැතැයි තීරණය කළ අධිකරණය එලෙස නඩුව අවසන් වන නියෝග කළේය .

මෙම සිදුවීමට අදාළ අනෙක් සැකකරු වන ඉන්දීය ජාතික මර්සලීන් තෝමස් නැමැත්තා ද අද(19) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ලබන මස 2 වැනිදා මොවුන් දෙදෙනාම නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඇප නියෝග ප්‍රකාශයට පත් කරමින් මෙලෙස නියෝග කළේය.