දෙසැම්බර් 31කට කළින් ආණ්ඩුවක් හදන්න – ජවිපෙ ජනපතිට කියයි

0
224

ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍යවෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයාට අවධාරණය කර සිටින්නේ නව ආණ්ඩුවක් කඩිනමින් ස්ථාපිත කරන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිදුකරන ලද ජනපතිගේ අත්තනෝමතික ක්‍රියාකලාපය මේ වන විට වැරදි බවට අධිකරණය පවා තීන්දු කර ඇති බවයි.

මේ අනුව ඔහුට ඊළඟ පියවර ලෙසින් ඇත්තේ නව ආණ්ඩුවක් පිහිටුවීම බව මෙහිදී විජිත හේරත් මන්ත්‍රීවරයා මාධ්‍යවෙත වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් නොකරන බවට ජනාධිපතිවරයා සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. එහිදි ප්‍රචාරක ලේකම්වරයා පැවසූවේ පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති පුද්ගලයාට අගමැතිධූරය ලබ නොදි නැවතත් වැරදි සිදු නොකරන ලෙසටයි.