දියේ ගිලී විදේශිකයෙකු මියයයි

0
73

ඊයේ(15) සවස 4.45ට පමණ ගල්කිස්ස මුහුදු තීරයේදී දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී බරපතල තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

ගල්කිස්ස පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ බ්ලූ ඕෂන් නිවාස සංකීර්ණය, විද්‍යාල මාවත, ගල්කිස්ස ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටි වයස අවුරුදු 77ක් වූ ඩේවිඩ් ඇන්තනී කිර්බි නැමැති එංගලන්ත ජාතිකයෙකි.

මරණකරු ඇගේ බිරිඳ සමඟ ගල්කිස්ස මුහුදු තීරයේදී දිය නාමින් සිටියදී දිය රැල්ලකට හසුව දියේ ගිලී රෝහල් ගත කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇත.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද(16) දින සිදු කිරීමට නියමිතයි. ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here