දිඹුලාගල කතක් මත්ද්‍රව්‍යවලට එරෙහිව තනිව සටනක

0
113

දිඹුලාගල, දළුකහ ගම්මානයේ ආදී වාසි කාන්තාවක් බස් නැවතුම්පොළක වහළය මත නැග උපවාසයක් ආරම්භ කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙලෙස මෙම කාන්තාව බස් නැවතුම්පොළේ වහලය මත උපවාස කරමින් ඉල්ලා සිටින්නේ තම ගම්මානයේ දරුවන්, තරුණයින්, ඇතුළු ප්‍රජාව මත්ද්‍රව්‍යවලින් නිදහස් කර දෙන ලෙසයි.

තමාගේ සැමියා මීට වසරකට පෙර ජිවිතක්ෂයට පත්වන්නේ ගම්මානයේ පුරා ඇති නිතිවිරෝධි මත් පැන් අ‍ලෙවිසැල් හේතුවෙන් එවැනි නීති නිතිවිරෝධි මත් පැන් අලෙවිසැල් නතර කර දෙන ලෙස ට බල කරමින් මෙම උපවසය ආරම්භ කළ බව අදාළ කාන්තාව පවසයි.

මෙලස උපවාසය එක්ව ඇත්තේ දළුකහ අංක 13 ලිපිනයේ පදිංචි 55 හැවිරිදි තිදරු මවකි.

71 වැනි නිදහස් දිනය සමරණ අද දිනයේ තම ගම්මානයේ මත්ද්‍රව්‍ය ජාවරම් මැඩලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය මේ සඳහා යොමුවේවී යැයි සිතමින් අදාළ කාන්තාව උපවාසයට නියෙළෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here