දිමුත් කරුණාරත්න තවත් කඩයිමක් පසුකරයි

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ තවත් කඩයිමක් පසුකර යෑමට සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසුකළ 11 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසිනි. දිමුත් මෙම කඩයිම පසු කළේය.

ඊයේ දිනයේදී තරගය නිමා කරන විට දිමුත් නොදැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටි අතර ඒ අනුව ඔහුගේ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 4016ක් බවට පත්විය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න