දඹුල්ලේ යද්දි මම නිදියනවා – පැය 24ක් ඇතුළට රටවල් දෙකක සෙල්ලම් කිරීම ගැන මාලිංග කියූ කතාව

0
556

ලසිත් මාලිංග මහනුවර කණ්ඩායමට එරෙහිව ඊයේ (04) පැවති තරගයේදී සුපිරි පන්දු යැවීමක නිතර වුණු අතර අයි පී එල් ක්‍රිකට් තරගාවලිය අතරතුර සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට එක්වීම සදහා දිවයිනට පැමිණි මාලිංග දිනයක් තුල කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කිරීම් සම්බන්ධයෙන් කාගේත් අවධානයට යොමු වුණා.

පෙර දින මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ මාලිංග එහිදී කඩුළු 3 ක් දවා ගැනීමට සමත් වුණා. එම තරගයෙන් අනතුරුව ඊයේ අලූයම 1.40 ට මුම්බායිි නුවරින් පිටත්ව අළුයම 4.30 පමණ ලසිත් මාලිංග සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට එක්වීම සදහා දිවයිනට පැමිණියා.

ඊයේ ලද ජයග‍්‍රහණයෙන් පසු ලසිත් මාලිංග මෙලෙස අදහස් පළ කළා.

දඹුල්ලේ යද්දි මම නිදා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා, තරඟය ජයග්‍රහණය කරන්න ලැබුණු එක ගැන සන්තෝසයි, නායකයා විදියට කණ්ඩායමේ ලාබාල ක්‍රීඩකයින්ට ආදර්ශයක් වෙන්න ඕනි මොකද කොච්චර අමාරු අවස්ථා තිබුණත් හොඳින් ක්‍රීඩා කරන්න. මං හිතන්නේ ඒක තමයි ජාතික කණ්ඩායමේ ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුගෙන් අවශ්‍යවන දේ.