තොන්ඩමන්ට එරෙහිව වතුකරයේ විරෝධතා

0
233

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොන්ඩමන් මහතාට විරෝධය පල කරමින් වතුකරයේ ස්ථාන කිහිපයක වතු කම්කරුවන් අද විරෝධතා ව්‍යාපාරවල නිරත වුණා.

රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා දින කිහිපයක් පැවති විරෝධතා සදහා අවසන් විසඳුමක් නොමැති අවස්ථාවක විරෝධතා අවසන්කර යලිත් සේවයට වාර්තා කරන ලෙස තොන්ඩමන් මහතා දැනුම් දී ඇති බවටයි විරෝධතාකරුවන් චෝදනා කලේ.

කෙසේ වෙතත් දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරනතෙක් තමන් සේවයට වාර්තා නොකරන බව විරෝධතාකරුවන් අවධාරණය කරනවා. වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයන් අතර ඊයේ පැවැත්වුණා.

වතු සමාගම් සමග සාකච්ඡා කර ලබන බදාදා වන විට වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුවට සාධාරණ විසදුමක් දෙන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

ජනාධිපතිවරයාගේ එම පොරොන්දුවට අනුව යලිත් සේවයට වාර්තා කරන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොන්ඩමන් මහතා වතු කම්කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේවෙතත් වතුකරයේ ඇතැම් කම්කරුවන් අද දිනයේ සේවයට වාර්තාකර තිබූ අතර තවත් වතු කම්කරුවන් පිරිසක් තොන්ඩමන් මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වීමට කටයුතු කර තිබූ බවයි නිවුස් රේඩියෝ වාර්තාකරු කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here