තොග ගණන් අද කුඩු අහුවෙනවා – ඇමැති පුත්තු මේ කුඩු බිස්නස් එකේ ඉන්නවා – අනුර කුමාර කියයි

    0
    236

    මෙරට මත්කුඩු ව්‍යාප්තියට ප‍්‍රධාන හේතුව දේශපාලන රැකවරණය බවත් දේශපාලන රැකවරණය තුළින් මත්කුඩු දැවැන්ත ව්‍යාපාරයක් බවට අද පත්ව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ පෙරේදා (09) කොළඹදී පැවැති ජනහමුවක් අමතමින් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

    ”තොග ගණන් අද කුඩු අහුවෙනවා. නාරාහේන්පිට සතොස ගබඩාවෙන් කුඩු අහුවෙනවා. කන්ටේනර් පිටින් කුඩු ගේනවා. මේ ගේන කුඩු වලින් ඉතා කුඩා ප‍්‍රමාණයක් තමයි අත්අඩංගුවට පත්වෙන්නේ. මෙම කුඩු ව්‍යාප්තියට ප‍්‍රධාන හේතුව දේශපාලන රැකවරණයයි. මේ රැකවරණය නිසා කුඩු දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වෙලා.

    මේ බිස්නස් එකේ ඉන්නවා. ඇමැතිවරුත් ඉන්නවා, ඇමැතිවරුන් වටේ ඉන්න කණ්ඩායමත් මේ ව්‍යපාරයේ ඉන්නවා. මේ අර්බුදය නිර්මාණය කළේ දේශපාලනයයි. එහෙනම් මේ අර්බුදයට විසඳුම් දිය යුත්තේත් දේශපාලනයෙන් පමණක්මයි.

    ජනපතිකම, අගමැතිකම, ඇමැතිකම, මන්ත‍්‍රීකම, ප‍්‍රාදේශීය සභාවේ සභාපතිකම යන මේවා හොරකම් කිරීමට ලැබෙන බලපත‍්‍රයි. අගමැති ධුරය හොරකම් කිරීමට ලැබුණු බලපත‍්‍රයක්. බැඳුම්කරය සඳහා රනිල් වික‍්‍රමසිංහ සම්බන්ධයි. කොමිසමේ වෙන දේවල් හෙළිදරව් වුණාට දැනට අපිට හෙළිදරව් වී තිබෙන කරුණු අනුව රවි කරුණානායක දන්නවා බැඳුම්කරයට සම්බන්ධ ඇත්ත කෙනා කවුද කියලා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here