තිරිගු පිටි හා බේකරි නිෂ්පාදනවල මිල ඉහලට

තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8.50 කින් ඉහළ දමා තිබෙනවා. ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට මිල ඉහළ දැමූ බවයි ප්‍රිමා සමාගම පැවසුවේ. තමන් මීට පෙර තිරිගු පිටි මිල වැඩි කළ අතර රජයේ ඉල්ලීමක් මත එලෙස වැඩි කළ මිල ඉවත් කළ බවයි ප්‍රිමා සමාගම වැඩිදුරටත් පැවසුවේ.ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවත කෙරුණු මිල වැඩි කිරීමට අනුව තිරිගු පිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 104.50 ක් වනවා.මේ අතර තිරිගු පිටි මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිලද අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දමන බවයි බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න