ත්‍රිරෝද රථ – ලොරි රථ ගැටුමෙන් බරපතල ලෙස තුවාල ලබා 07 දෙනෙකු රෝහලට. (PHOTOS)

0
98

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය ලොරි රථයක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරු සහ කාන්තාවක් බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලක් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.

අද (13) උදැසන 9.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදියි.

මස්කෙලිය සාමිමලේ සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථය අව්ස්සාවේල්ලේ සිට තලවකැලේ දක්වා පිටපලු දර ප්‍රවහනය කරන ලොරි රථයක ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.

ත්‍රිරෝද රථයේ රියදුරාගේ අධික වේගය අනතුරට හේතුව වි ඇති බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවා.