තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා යළි රිමාන්ඩ්

0
521

කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා ලබන මස 09 වැනි දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර බුද්ධි අංශ සමාජිකයින් දෙදෙනා ලබන මස 09 වැනි දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට ද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ ය.

නඩුවේ 11 වන සහ 12 වැනි සැකකරුවන් වන මෙම බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here