තරඟාවලිය පරාජය වූවත් ශ්‍රි ලංකා ක්‍රීඩකයින් පිරිසක් ශ්‍රේණි ගත කිරීම වල ඉදිරියට ආ හැටි

0
122

ශ්‍රි ලංකාව 3- 0 ලෙස පරාජය කරමින් නිමා වූ නවසීලන්ත – ශ්‍රි ලංකා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දක්‍ෂතා මත ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබෙනවා.

පන්දු යවන්නන් අතර ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් ලසිත් මාලිංග මේ වනවිට පසුවන්නේ 46 වන ස්ථානයේයි.

පිතිකරුවන් අතර ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් නිරෝෂන් දික්වැල්ල 26 වන ස්ථානයේත්, ස්ථාන 22 ක් ඉදිරියට පැමිණෙමින් තිසර පෙරේරා 65 වන ස්ථානයේ පසු වනවා.

ස්ථාන 7 ක් ඉදිරියට පැමිණි කුසල් ජනිත් පෙරේරා පසුවන්නේ නවතම ශ්‍රේණිගත කිරීමේ 66 වන ස්ථානයේයි.

ස්ථාන 11 ක් ඉදිරියට පැමිණි ධනුෂ්ක ගුණතිලක පිතිකරුවන් අතර 82 වන ස්ථානයට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here