තණමල්විල වෙඩි තැබීමක් – පුද්ගලයකු ජීවිතක්ෂයට

0
133

තණමල්විල ප්‍රදේශයේ අද (10) පස්වරු 12.20ට පමණ සිදු වු වෙඩි තැබීමකින් එක් අයෙක් මිය ගොස් තිබේ.

යතුරුපැදි 2කින් පැමිණි සිව්දෙනෙකු විසින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බව වාර්තා වේ.

මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක්.ඔහු සමඟ සිටි තවත් අවුරුදු 22ක් වයසැති තරුණයෙක් වෙඩි වැදි හම්බන්තොට රෝහගට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස වෙඩි වැඩි මිය ගොස් ඇත්තේ මාස 4කට පෙර ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු වෙන සුදු හකුරු සුමිත් හෙවත් වසන්ත යන පුද්ගලයා බවද පොලීසිය පවසයි.