ජීව අත්බෝම්බයක් සමඟ අයෙක් අත්අඩංගුවට

0
92

නිට්ටඹුව පොලිස් වසමේ එල්ලක්කල, මීටිවිය ප්‍රදේශයේදී නිටුටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජීව අත්බෝම්බයක් සමඟ අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර 27 දින පොලිස් නිලධාරියෙකුට පිහියකින් ඇන තුවාල සිදුකර ගෙල බැඳි රන් මාලයද සොරාගෙන පලා ගිය අයෙක් බව වාර්තා වෙයි.

සැකකරු වසස අවුරුදු 24ක් වූ මීටිවිය, එල්ලක්කල ලිපිනයේ පදිංචි අයෙකි.

සැකකරුගේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීවරයා වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සැකකරු අද (30) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු නිට්ටඹුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here