ජැක්සන් පවුලේ දැවැන්ත විවාහ උත්සවය අද.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණිය අද(18) විවාහ වීමට නියමිතයි. අකිලගේ අත ගන්නේ ඇමෙන්ඩා නිකොලා. සජිත බුවිනිකා මනීෂා ගේත්, මාධවී මිලාන් ධනංජයගේත් අතිනත් ගැනීමේ මංගල උත්සවය අද පැවැත් වීමට නියමිතයි.

අකිල ධනුද්ධර කැපී පෙනෙන චරිතයක් බවට පත් වන්නේ සිය කුලුඳුල් රංගනය වූ සිරි පැරකුම් සිනමාපටයෙන්ය. අකිල නිවේදකයකු මෙන්ම දක්ෂ රංගන ශිල්පියෙක් ලෙසද ජනප්‍රිය චරිතයක්.

සූරිය අරණෙන් විකසිත වූ සජිත පසුකාලීනව සම්මානනීය රංගන ශිල්පියකු මෙන්ම දක්ෂ ගායකයකු ද වනවා.

කුඩා කළ සිට ළමා ගායිකාවක ලෙස අතිශය ජනාදරයට පාත්‍ර වූ මාධවී වත්සලා මේ විනවිට දක්ෂ නිවේදන ශිල්පිණියක් වගේම ජනප්‍රිය රූපවාහීනී වැඩසටහන් වල නිවේදන ශිල්පිණියක් ලෙසද ජනප්‍රිය තරුවක් වී හමාරයි.

මෙම මංගල උත්සවයේ චායාරුප කරනය Danushka Senadeera & Dark Room හා කොණ්ඩා සැකසීම Salon LIYO (Dhanushka Chathuranga) වෙතින් සිදු කර ඇත.