ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව දෙන්නේ දෙයියෝ නෙමෙයි – තරඟයෙන් පසු මාලිංග කණගාටුවෙන් කී කතාව – Video

    0
    619

    ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන එක්දින තරගයද පහසුවෙන් ජයගන්නට දකුනු අප්‍රිකාව සමත්විය. ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ අසාර්ථක වීම මෙම තරඟය පරාජය වීමට හේතු විය.

    ප්‍රබල පිතිකරුවන් රැසක් සිටින දකුණු අප්‍රිකාණු කණ්ඩායම ලකුණු 251 සීමා කරන්නට ශ්‍රි ලංකා පිලේ පන්දු යවන්නන් සමත් විය. ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි ශ්‍රි ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශයන් නිසා ශ්‍රි ලංකා පිලේ මුළු ලකුණු සංඛයාව ලකුණු 138 සීමා විය. දෙවෙනි තරඟයේ පරාජය ගැන කණ්ඩාම් නායක ලසිත් මාලිංග කණාගඩුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසින්ය..

    ක්‍රීඩකයින් ලැබෙන අවස්තාවෙන් ප්‍රයෝජන ලබාගත යුතුයි. ක්‍රීඩකයින් ඔවුන්ගේ වටිනාකම තේරුම් ගත යුතුයි. ඔවුන් ගහන්නෙ ඩොමැස්ටික් නෙමෙයි ජාතික කණ්ඩායමට කියල ඔවුන් හිතන්න ඕනි.

    පිතිකරුවෙක් මන් හිතනව ලකුනු 30 ක් ගහන එක නෙමෙයි ආරම්බයක් ලබාගන්නව කියන්නෙ. ලකුණු 30 ක් ගහනව කියන්නෙ හොද ලකුණු ගාණක් කියල හිතනවනම් ඒක වැරදි. ඉස්සර ක්‍රීඩකයින් ඔවුන්ට ලැබුන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. දැන් අය අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ. තමන් ගහන්නෙ ජාතික කණ්ඩායමට තමන්ගේ වටිනාකම දැනගෙන පිතිකරුවො සෙල්ලම් කරන්න ඕනි. මාලින්ග වැඩි දුරටත් මෙලෙස අදහස් දැක්වීය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here