ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට

0
80

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අභියස දී හෙට (07) පෙරවරු 09ට පැවැත්වීමට නියමිතය. 

ජාතික අලුත් සහල් මංගල්‍යට පෙර සුපුරුදු චාරිත‍්‍රානුකූලව සතර වාහල්කඩ කිරි ඉතිරවා සිදුකරනු ලබන දේව කන්නලවව්ව අද (06 අලුයම කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි. 

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රි මහා බෝ සමිඳුන් පිදීමේ මෙම  මංගල්‍යය සඳහා කටයුතු සූදානම් කර ඇත.

රජ සමයේ සිට පැවත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවින් රැසක් එක්වීමට නියමිත අතර රට ස්වයංපෝෂිත වී කෘෂිකර්මාන්ත කටයුතු දියුණු වී රටට ජාතියට සෙත් පැතීම මෙම අලුත් සහල් මංගල්‍යයෙන් අපේක්ෂාවයි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන අතර කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ මැදිහත් වීම මත ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර පිවිසුම අසළ ඉදිකරනු ලබන හෙල බොජුන් හලටද හෙට අග‍්‍රාමාත්‍යතුමන් විසින් මුල්ගල් තැබීමටද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here