ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වූ ඇමරිකානු පිලේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

0
348

පසුගිය ජනවාරි 8වනදා ඇමෙරිකානු ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 105 වන සාමාජික රට ලෙස සාමාජිකත්වය හිමි කර ගනු ලැබුවා. මෙම ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු දායකත්වය ලබාදෙන බව මේ වන විට වාර්තා වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රීඩක පුබුදු දසනායක සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ රෝයි සිල්වා මෙලෙසින් ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමට එක්ව සිටිනවා.

එහිදී පුබුදු දසනායක ඇමරිකානු පිලේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන අතර රෝයි සිල්වා ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරනවා.

පුබුදු දසනායක යනු 1993 වසරේ සිට 1994 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ කඩුලු රකින්නෙක් වූ අතර ඇමෙරිකානු කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි කර ගැනීම දක්වා පැමිණි ගමනේ ප්‍රධාන චරිතයක් වූයේද ඔහුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here