ජනාධිපති අපේක්ෂකයා ගැන අපි මේ වන තෙක් තීරණය කර නැ

0
216

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

කොස්ගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

එක් එක් පක්ෂවල එක් එක් මත පවතින බවත් එම එකඟ වීම් තුලින් තීරණයකට එළඹීම සිදු වන බව සියලුම නායකයින් කිහිප වතාවක් ප්‍රකාශ කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසිය.

ඒ අනුව තවමත් අවසන් තීරණයකට එළඹීම සිදු කර නොමැති බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්බර් මස පැවැත්වීමට නියමිතව ඇති බවත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here