ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ කවුද ? ලකුණු මොකක්ද ? තාම තීරණය කරලා නෑ – මහින්ද

මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්දැයි තවමත් තීරණය කර නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යුතු බවට, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඉකුත් දා කළ යෝජනාවට, මාධ්‍යවේදීන් හමුවේ අද ප‍්‍රතිචාර දක්වමින් ඔහු ඒ බව පැවසුවා.

තම කණ්ඩායම මීළග මැතිවරණය සඳහා ඉදිරිපත් කෙරෙන ඡන්ද ලකුණ පිළිබඳව ද තවමත් අවසන් තීරණයක් නොමැති ඔහු මෙහිදී කියා සිටියා