ජනපති සහ නිදහස් පක්ෂ මන්ත්‍රිවරු 04 දෙනෙක් අතර සාකච්ඡාවක්

0
246

ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු අතර විශේෂ හමුවක් අද (19) පැවැත්වෙනවා. එම හමුව සවස 06.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා

ඒ අනුව මෙම හමුවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා තිලංග සුමතිපාලට ජනාධිපතිවරයා දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම නියෝජනය කළ මෙම මන්ත‍්‍රීවරුන් සිව් දෙනා පසුව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණා. නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ කටයුත්තේ දී ඔවුන් ප‍්‍රමුඛ පෙලේ කාර්යයක් ඉටු කළ බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here