ජනපති මාව විනාශ කළා – බුද්ධදාස කියයි

0
162

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ව විනාශ කළ බව කඩුවෙල මහ නගර සභා හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි. අද පෙරවරුවේ කොළම ජාතික පුස්තකාලයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් පැවැත්වූ මාධය හමුවකදී ඔහු මෙම අදහස් දැක්විය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපෙක්ෂකයා ලෙස එක්වූ විට තමන්ට කථාකළ බවත් ඒ අනුව තමන් ඔහුට සහාය දැක්වූ බවත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ජනපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා සමග නැවත එක්වූ බවත් තමන්ට පසුගිය පළාත් පාලන මැතිවරණයේදි පොහොට්ටුව නියෝජනය කරමින් තරග කළා නම් අදටත් කඩුවෙල මහ නගර සභාවේ සභාපති තමන් යැයිද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ තිරය පසුපස එක් ආණ්ඩුකාරවරයෙක්, නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 21 දෙනාගෙන් 18ක්, ආසන සංවිධායකවරු 24ක් සිටින බවත් ඔහු සඳහන් කළේය.

තමන්ව පක්ෂයෙන් ඉවත් කළත් කිසිදිනක එක්සත් ජාතික පක්ෂය හා එක්නොවන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යළිත් නිවැරදි මාවතට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here