ජනපති ප්‍රධානත්වයෙන් විහාර 60 කට ඔප්පු

0
39

සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන සඳහා පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ විහාරස්ථාන 60 කට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ  ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
 
ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව විහාරාධිපති ස්වාමින් වහන්සේලා කිහිප නමක් වෙත පූජා ඔප්පු පිළිගැන්විණි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, ගයන්ත කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ්. ගුණසේකර මහතා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න මහතා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here