ජනපති නිල නිවස ඉදිරිපිට උපවාසයක්

0
418

තමා මුහුණදී තිබෙන ගැටලු සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඉල්ලා සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවාසයට පිවිසෙන මාර්ගය අසල අද (11) පෙරවරුවේ උපවාසයක් ආරම්භ කළේ්ය.

මෙම උපවාසය සම්බන්ධව ජනාධිපතිවරයාට හා ආරක්ෂක අංශවලට ලිඛිතව දැනුම් දුන් බවත්,ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල තමාට හිරිහැර නොකර ජනාධිපතිවරයා හමුවී මේ ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවත් අසේල සම්පත් මහතා පැවසීය.

ජනතාවට පෝෂ්‍යදායි ,ගුණාත්මක ආහාර වේලක් ලබාදීම සඳහා හඬක් නැගූ තම සංගමයේ කටයුතු කඩාකප්පල් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ එක්තරා දේශපාලන පක්ෂයක් කටයුතු කර තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.

අසේල සම්පත් මහතා වැඩිදුටත් සඳහන් කළේ එල්ලවෙමින් තිබෙන මරණිය තර්ජන හේතුවෙන් තවදුරටත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ කටයුතු කළ නොහැකි බැවින් ඉන් ඉවත්වීමට තමා තීරණය කළ බවයි.