ජනපති කෙන්යා ජනපති හමුවෙයි

0
31

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ පැවැත්වුණි.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට එක්වී සිටින ජනාධිපතිවරයා සමුළුවේ හතරවන සැසිවාරය ඉතා සාර්ථක අන්දමින් සංවිධානය කර තිබීම පිළිබඳ සිය සතුට පළ කර තිබේ.

ජනාධිපතිවරයා සමුළුවේදී ගත් තීන්දු තීරණ ඉදිරියට ක්‍රියාවට නැංවීම සඳහා සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව උපරිමයෙන් කැපවී කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මෙහිදී පවසා  ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෙම සංචාරයත් සමඟ දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉදිරියේ දී වඩාත් පුළුල් වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here