ජනපති කෙන්යාවේදී හරසරින් පිළිගැනේ -photos

    0
    138

    කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සදහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) රාත්‍රීයේ නයිරෝබි හි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

    එහිදී එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස හරසරින් පිළිගන්නා ලදී.

    කෙන්යා විදේශ කටයුතු ප්‍රධාන පරිපාලන ලේකම් Ababu Namwamba ජලසම්පාදන හා සනීපාරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය මෙන්ම කැබිනට් ලේකම් Simon Kiprono Chelugui යන මහත්වරුන් සහ කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සුනිල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේ දී ද එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් විසින් ජනාධිපතිතුමාව සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here