ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට වුවද සූදානම් බව ජවිපෙ කියයි

0
91

මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන්නේනේ නම් ඔහුට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෝෂාභියෝගයක් ගෙන ඒමට වුවද පසුබට නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

කුමන්ත්‍රණය පරාදයි – සැබෑ ජනතා ජයග්‍රහණයකට පෙලගැසෙමු තේමාව යටතේ ඊයේ කිරුළපන නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව අවධාරණය කළා.

මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර ප්‍රගතිශීලි ජනතාව ජයග්‍රහණය අත් කර ගත් බවයි විජිත හේරත් මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here