ජනපතිගේ නියෝගයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

0
234

පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එමගින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට විභාගයට ගෙන තිබේ. අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් විභාගය සිදු වෙයි.

අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය හෙට(08) දිනය දක්වා දීර්ඝ කෙරුණි. ඊයේ(06) අතරමැදි පෙත්සම් කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි. පෙත්සම්කරුවන් ඊට ප්‍රතිචාර දක්වමින් කරුණු දැක්වීම අද සිදුකිරීමට නියමිතයි. මේ වන විට අධිකරණ සංකීර්ණය ආසන්නයේ දෙස් විදෙස් විශාල මාධ්‍යවේදීන් පිරිසක් රැඳී සිටින බව ද අප වාර්තාකරු පවසයි.