ජනක අද හොඳට බිස්නස් කරන කෙනෙක් – Reload එකක් නිසා ගොඩ ගිය ජීවිතය

0
94

ජීවිතේ අපි වැටුණු තැන් ඕනි තරම් තියෙනවා. ඒ තැන් වලින් අපි නැගිටින්න පුලුවන් තරම් උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් අපි කැපකිරීම් ගොඩක් කරනවා. ඒ වගේ වෙලාවකට අපිට නොහිතපු වාසනාවන් උදාවෙන අවස්ථා ඔබ අහලා දැකලා ඇති.

ජනක සමන් කුමාර කියන්නෙත් ඒ විදියට ජීවිතේ අමාරුම තැන්වලට මුහුණ දුන්නු කෙනෙක්. ඒ වගේ නොහිතපු විදියට වාසනාවක තමන්ට උදාකරගත්ත කෙනෙක්.  ඕපනායක පෙදෙසේ ජීවත් වුණු ඔහුට මෙම වාසනාව උදාකර ගන්නට හැකිවූයේ Dialog Mega වාසනා දිනුම් ඇදීමෙනි.

ඔහුට මෙම දිනුම් ඇදීමෙන් රුපියල්,ලක්ෂ 10ක ත්‍යාග මුදලක් හිමිවූයේ හිසට බරක්ව තිබූ ණය කන්ද මෙන්ම ඔහුගේ පවුලේ ආර්ථිකය ශක්තිමක් කරගන්නට Dialog Mega වාසනාව සැබැවින්ම අස්වැසිල්ලක් වූ නිසාවෙනි. රැකියාව ලෙසින් කුලී රථ රියදුරෙකු ලෙස සේවය කරන ජනක ජීවිත් වීමේ අසීරු අඩියකට වැටී තිබුණේ ඔහුගේ පියාගේ අසනීපයද සමඟිනි.

පියා අංශභාග රෝගියෙකු වීමත් සමඟින් ඔවුන්ගේ ජීවනෝපායට කණකොකා හඬන්නට විය. සිය පවුලේ බර කරට ගත් ජනකට ස්ථිර රැකියාවක් නොතිබුණද තාවකාලිකව හමුවන ඕනෑම වැඩක් කරන්නට ඔහු දෙපාරක් නොසිතුවේ පියාගේ රෝගී තත්වය මෙන්ම පවුලේ ආර්ථික අපහසුතා දිනෙන් දින තමන්ගේ හිස මතට වැටෙන බව ඔහු හොඳින්ම දැනසිටි නිසාවෙනි.‍

”මම රැකියාව කරන්නෙ කුලී රියැදුරෙක් විදියට. ස්ථිර ජොබ් එකක් නෑ. ටැම්පරි වැඩ තමයි. ඒත් අපි මෙහෙම දුක් විඳපු අය නෙවෙයි, ඉස්සර ලොරි පවා අපට තිබුණා. නොහිතපු විදියට තාත්තා අසනීප වුණාට පස්සෙ ඒවා විකුණන්න වුණා.”

”ලොකු අසනීපයක් ද තාත්තට තිබුණේ ?”

”ඔව්, අංශභාගය හැදුණේ. සෑහෙන්න සිංහල වෙදකම් කළා. ඒ බෙහෙත්වලින් හොඳ අතට හැරිලයි තියෙන්නෙ. දැන් තරමක් දුරට ඇවිදින්න කරන්න පුළුවන්.”

”ඒ දවස්වල කරපු ව්‍යාපාරය මොකක්ද?”

”තේ දළුයි, රබර් දරයි ප‍්‍රවාහනය කළා. තේ ෆැක්ටරිවලට දර  ඕන කරනවනෙ. තාත්තා අසනීප වුණාම අපේ වාහනවල ෆිනෑන්ස් ගෙවාගන්න බැරුව ගියා. හම්බ කරපු හැමදේම නැති වුණා. වෙදකම් කරන්න සල්ලි ණයට ගන්නත් සිද්ධ වුණා.”

”ඊට පස්සෙ මම කුලී රියැදුරෙක් විදියට වෙනත් අයගෙ වාහනවල වැඩ කරන්න පටන් ගත්තා. ඔය අතරෙ තමයි නොහිතපු විදියට Dialog Mega වාසනාවෙ රුපියල්,ලක්ෂ 10ක තෑග්ග ලැබුණේ.”

” කොහොමද දැනගත්තේ ඔබ ලක්ෂ 10ක මුදලක් දිනාගත්බව “

මේක ගැන ඇත්තටම මම දැනගත්තේ රුපවාහිනිය බලමින් ඉන්නකොට. මගේ දිනුම් අංක ඒ සතියේ ජයග්‍රාහී අංක සමග ගැලපිලා තිබුනා. ඒ වෙලාවේ දී මට ඇතිවුණ් හැගීම අදහගන්නත් බෑ

” තෑගි මුදලින් මොනවද කරගත්තේ?”

”අතට ලැබුණු මුදලින් වැඩි හරියක් පරණ ණය බේරන්න තමයි වියදම් කළේ. අපේ ණය බර සැහැල්ලූ කරගන්න ඪිඅලොග් සමාගමෙන් ලොකු සහයෝගයක් ලැබුණේ. ඒ ගැන ඪිඅලොග් ආයතනයට ණයගැතියි. Dialog Mega ජ්ඩික්ඩ්ජ් වගේ වටිනා තෑගි තරගයක් පැවැත්වීම ගැන මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. නැත්නම් ඉතිං මොන විදියකින් මේ ණය බේරන්නද?”

”ගෙදර වෙන කවුද ඉන්නෙ?”

”දැන් ගෙදර ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි විතරයි. අම්මත් දැන් තරමක අසනීපෙන් ඉන්නෙ. නංගිලා දෙන්නා කසාද බැඳලා. ඒ මස්සිනාලා දෙන්නගෙනුත් සෑහෙන සහයෝගයක් ලැබෙනවා. මට තවම විවාහ වෙන්න ලැබුණෙ නෑ.”

”හැමදාම මේ රස්සාවම කරන්න ද අදහස? ,ලක්ෂ 10ක් වාගෙ තෑග්ගක් ලැබෙන්නෙ වාසනාවන්ත කාලයක් උදාවෙලා නිසානෙ. විවාහ වෙලා එහෙම අලූතින් ජීවිතය පටන්ගන්න හිතුවොත් හොඳ නැද්ද?”

”ඇත්තටම පොඩි බිස්නස් එකක් කරන්න මේ දවස්වල සැලසුම් කරමින් තමයි ඉන්නෙ.”

”ස්වයං රැකියාවක් වගේ දෙයක් ද?”

”ඔව්. වාහනයක් රෙන්ට් එකට අරගෙන පලතුරු ප‍්‍රවාහන බිස්නස් එකක් කරන්නයි අදහස. ඔය ඇඹිලිපිටිය වාගෙ පැතිවල ගොවි මහත්වරුන්ගෙන් කෙසෙල්, ගස්ලබු, කොමඩු වාගෙ පලතුරු එකතු කරගෙන බලංගොඩ පැත්තෙ කඩවලට දාන්නයි හිතාගෙන ඉන්නෙ. අද එකතු කරගන්න බඩු එදාම බැරි වුණොත් පහුවදා කඩවලට දානවා. පලතුරු වැඩි කල් තියාගන්නත් බෑ. සල්ලිත් වැඩි කාලයක් හිරකරගෙනත් බෑනෙ.”

”ප‍්‍රවාහනයෙදි තැලෙන නරක් වෙන පලතුරුවලට ලාභයෙන් කොටසක් වෙන් කරන්න වෙනවා නේද?”

”ඒක නම් ඇත්ත. ඒත් යමක් සුළුවෙන් පටන් අරන් ටික ටික දියුණු කරගත්තොත් ස්ථාවරත්වය වැඩියි. කෙසෙල් කිලෝවකින් රුපියල් 15ක විතර ලාභයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම භාණ්ඩ ප‍්‍රවාහනයට සම්බන්ධ ව්‍යාපාරයක් ගැන හිතුවේ රියැදුරෙක් හැටියට මගේ පළපුරුද්දත් සැලකිල්ලට අරගෙනයි. රියැදුරු වැඩේ
මටම කරගන්න පුළුවන් නිසා වාහන කුලියයි ඩීසලූයි විතරනෙ යන්නෙ. බර වාහන විතරක් නෙවෙයි, බස් රියැදුරු බලපත‍්‍රයත් මට තියනවා. ටිකක් දියුණු
වෙනකොට ලීසිං කරලා වාහනයක් අරගන්නයි බලාපොරොත්තුව.”

ජනකගේ සිහිනය එලෙසින් නොසිතූ මොහොතක සැබෑ වූයේ Dialog Mega වාසනාව නිසාවෙනි. අදටත් ඔහු සිනාමුසු මුවින් ලෝකය අමතන්නේ තමන්ගේ ජීවන ගමන රැකගන්නට දෙවියන් ලබාදුන් දායාදය Mega වාසනාව බව සෑම දෙනාටම ආඩම්බර සිතින් පවසමිනි සහ අන් අයටත් මෙලෙසින් Dialog හා බැඳී සිටින සියලූම පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයන්ට Dialog Megaවාසනා තුලින් තමන්ගේ සිහින සැබෑ කරගැනීම එතරම් අපහසු නොවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here