චෙන්නායි කණ්ඩායම අවසන් සටනට සුදුසුකම් ලබයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ හයිද්‍රාබාද් හි හෙට (12) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (10) සමත් වුණා.

ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරඟය කඩුලු 06කින් ජයග්‍රහණය කරමින්. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 147ක් රැස් කළා.

ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය චෙන්නායි කණ්ඩායම පන්දු වාර 19කදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදියි.

එහිදී චෙන්නායි ආරම්භක පිතිකරුවන් යුගලය වන ශේන් වොට්සන් සහ ෆාෆ් ඩූ ප්ලසිස් අර්ධ ශතක රැස් කරමින් චෙන්නායි ජයග්‍රහණයේ මාවත සකසා දුන්නා.