චීනේ දැකපු දේ ලංකාවේ කරන්න හිතිලා – කාන්තාවන් පමණක් යොදාගෙන කරන ලංකාවේ පළමු ඉන්ධන පිරවුම්හල – Photos

0
295

ශ්‍රී ලංකාව සෑම ප්‍රදේශයකම තිබෙන ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් ලෙස සේවය කරන්නේ පුරුෂයන්ය.

එවැනි රාජකාරි කළ හැක්කේ පුරුෂයන්ට පමණක් බවට සමාජයේ පවතින මතය ඊට හේතු වී තිබේ. එවැනි රාමුවක ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් පමණක් යොදා ගනිමින් ආරම්භ කළ ඉන්ධන පිරවුම්හලක් පිළිබඳ ගම්පහ දිස්ත්‍රික්කයේ නාල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

කොළඹ -කුරුණෑගල මාර්ගයේ පිහිටා ඇති මේ ඉන්ධන පිරවුම්හලේ හිමිකාරිය ද තරුණ කාන්තාවක් වීම විශේෂත්වයකි. එසේම එහි කළමනාකාරිනිය ද කාන්තාවකි.

කාන්තාවන් බලගැන්වීමේ අරමුණින් කාන්තාවන් පමණක් යොදා ගනිමින් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ පළමු ඉන්ධන පිරවුම්හල මෙය බව එහි හිමිකාරිය රශ්මි පතිරාජ බීබීසී සිංහල මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබෙනවා.

රශ්මි පතිරාජ පවසන පරිදි කාන්තාවන් ඉන්ධන පොම්පකරුවන් ලෙස යොදා ගැනීමට අදහසක් පහළ වී ඇත්තේ ඇය චීනයේ කළ සංචාරයකදීය. ඒ පිලිබඳව රශ්මි මෙලෙසින් අදහස් දක්වා තිබුනා..

“චීනෙදී අපි දැක්කා සෑම ඉන්ධන පිරවුම්හලකම වගේ ඉන්නේ කාන්තාවෝ. ඒත් අපේ රටේ පිරවුම්හල්වල ඉන්නේ පිරිමි අයනේ.”

2014 වසරේ පිරවුම්හල ආරම්භ කර ඉන්ධන පොම්ප ක්‍රියාකරු ලෙස කටයුතු කර ඇත්තේ ද එහි හිමිකාරිය වන රශ්මි පතිරාජය.

”ඉස්සෙල්ලම මම තෙල් ගහල බැලුව මට කරන්න පුළුවන් ද කියල. සුළු දෙයක්. මං සාර්ථකව කරපු හින්ද මං හිතුවා අනිත් අයටත් පුළුවන් කියලා. එයාලත් අද වෙද්දී සාර්ථකයි.”

මේ වනවිට පොම්ප ක්‍රියාකාරිනියන් අට දෙනෙකු පිරවුම්හලේ සේවය කරන අතර රාත්‍රී සේවා මුර සඳහා පමණක් පුරුෂයන් දෙදෙනෙකු එහි සේවයට යොදවා තිබේ.

උපුටා ගැනීම – BBc news සිංහල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here