චාවාකච්චේරි පොලීසියේ සිංහල පොලිස් නිලධාරීන් 20 කගේ ජීවිත බේරාදුන් දෙමළ පොලිස් සැරයන් වරයා මියයයි

0
145

1984 වසරේදී තම ජීවිතය පරදුවට තබා යාපනයේ චාවාකච්චේරි පොලිසියේ සිංහල ජාතික පොලිස් නිලධාරීන් විසිදෙනකුගේ ජීවිත ආරක්ෂා කොට දුන් දෙමළ ජාතික පොලිස් සැරයන්වරයා මියගොස් තිබේ.

බාලසිංහම් ක‍්‍රිෂ්ණපිල්ලේ නමැති මෙම පොලිස් සැරයන්වරයා එවකට චාවාකච්චේරී පොලිසියේ සේවය කරමින් සිටියදී ටෙලෝ සංවිධානය විසින් එම පොලිසියට ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ.

ආයුධ සන්නද්ධව පැමිණි ටෙලෝ සාමාජිකයෝ සිංහල ජාතික පොලිස් නිලධාරීන් සොයා පැමිණි අවස්ථාවේදී පොලිසියේ සේවය කළ සිංහල ජාතික පොලිස් නිලධාරීන් විසි දෙනාම රහසිගතව සගවා ගත් මෙම දෙමළ ජාතික පොලිස් සැරයන්වරයා දන්නා වෑන් රථයක් කැදවා එම සිංහල ජාතික පොලිස් නිලධාරීන් විසි දෙනාම ඒ වෑන් රථයේ නංවා අලිමංකඩ යුද හමුදා ක`දවුර වෙත යවා ඔවුන්ගේ ජීවිත ගලවා තිබේ.

අලිමංකඩ හමුදා ක`දවුරට ගිය පොලිස් නිලධාරීන් පහරදීමේ සිද්ධිය ගැන කියා සිටි අවස්ථාවේදී යුද හමුදාව පැමිණ චාවාකච්චේරී පොලිසිය බේරා ගෙන තිබේ.

මේ සිංහල ජාතික පොලිස් නිලධාරීන් බේරා ගැනීම නිසා උරණ වූ ටෙලෝ සාමාජිකයන් ක‍්‍රිෂ්ණපිල්ලේ සැරයන්වරයා ඝාතනය කිරීමට අවස්ථා කීපයක්ම උත්සහ දරන ලද නමුත් එම උත්සාහයන් අසාර්ථක වී තිබේ.

පොලිස් සේවයෙන් විශ‍්‍රාල ලැබීමෙන් පසුව වයස අවුරුදු 82 ක් ජීවත් වූ මෙම සැරයන්වරයා යාපනයේදී මියගොස් ඇති අතර ඔහුගේ අවසන් කටයුතු 3 වැනිදා සවස පූර්ණ පොලිස් ගෞරවාචාර මධ්‍යයේ සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here