චාලිට ගිනි තැබු සැකකරුවෙක් අත්අඩංගුවට

0
515

පසුගිය දෙසැම්බර් 31 වනදා අළුයම් කාලයේදි මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි ලැබ්රඩෝ වර්ගයට අයත් ‘‘චාලි’’නැමති සුනඛයාට භූමිතෙල් දමා ගිනි තබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවේකු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරියමුල්ල-මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පෙරියමුල්ල ප්‍රදේශයේදි මෙම පුද්ගලයා සැකකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අද (05) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි ලැබ්රඩෝ වර්ගයට අයත් ‘‘චාලි’’ නැමති සුනඛයාට මෙලෙස භූමිතෙල් දමා ගිනි තබා තිබුණේ පසුගිය දෙසැම්බර් 31 වනදා අළුයම් කාලයේදිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here