චානුක රත්වත්තේ ඇතුළු 6 කට ඇප හිමිවෙයි

0
210

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ලවී ඇති චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප මත මුදාහැරීමට නියම කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එක් එක් විත්තිකරුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් ද නියම කර තිබේ.

ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයකු විත්තිකරුවන්ගේ ළඟම ඥාතියෙකු විය යුතු බව ද නඩු තීන්දුවේ සඳහන් වුණි. එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන පෙර වැරදි පිළිබඳ වාර්තාවක් කැඳවන මෙන් ද මහාධිකරණ විනිසුරුවරයා පොලීසියට නියම කළේය.

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රය නොමැතිව එනට්‍රස්ට් නමැති පෞද්ගලික මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම තූළින් දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් චානුක රත්වත්තේ ඇතුළු විත්තිකරුවන් 6 දෙනාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here