ගෝඨා ආවත් අපි පරද්දවනවා – අජිත් පී පෙරේරා කියයි

0
97

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සකස් කල විශේෂඥ කමිටු වාර්තාවට එක්සත් ජාතික පක්ෂය මෙතෙක් එකගතාව පළ කර නැතැයි කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.

බණ්ඩාරගමදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම වාර්තාවේ අන්තර්ගතය පිළිගන්නේද නැද්ද යන කරුණ පාර්ලිමේන්තුවට අයත් එකක් බවයි.

ඒකීය රාජ්‍යයක් තුල පුලුල් ලෙස බලය බෙදා හැරීමේ ක්‍රියාවලියක් සිදුවිය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවයි අජිත් පී පෙරේරා මහතා අවධාරණය කළේ.

මීලග ජනාධිපතිවරණය සදහා හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වැදීමට සූදානම් වන බවට පලවන වාර්තා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී විමසීමක් කළා. එම පැනයට එතුමන් මෙලෙස පිළිතුරු ලබා දී තිබුනා.

” පුංචි අහිංසක මිනිස්සුන්ගේ වේදනාව දන්න එජාපයේ ජනපති අපේක්ෂකයා ජනාධිපතිවරණය ප්‍රකාශ පත් කරපු වාහාම අපි ඉදිපිරිපත් කරනවා. ගෝඨාභය මැතිතුමා මුලින්ම ඇමරිකානු පුරවැසිභාවය අයින් කර ගන්න ඕන. ඊට පස්සේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනත් අපි ගෝඨාභය මහතා පරාජය කරනවා ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here