ගෝඨා අදත් විශේෂ මහාධිකරණය හමුවට

0
135

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණ තිබේ.

වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් ගොණුකර ඇති නඩුවට පෙනී සිටිම සඳහා ඔහු එම අධිකරණය වෙත පැමිණ ඇති බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව අද(22) පෙරවරු 09.30 ට පමණ ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ මහාධිකරණය වෙත පැමිණ තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව අද සිට විභාගයට ගැනීමට විශේෂ මහාධිකරණය පසුගිය 17 වනදා නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here