ගෝඨාභයට එරෙහි නඩුවක් ඇමරිකානු අධිකරණය විවෘත කරයි

0
122

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව, ගොනුකළ පැමිණිල්ල ඇමරිකාවේ – කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයක විවෘත කර ඇති බව යුක්තිය සහ වගවීම සදහා මධ්‍යස්ථානය උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය වාර්තා කරනවා.

ඔවුන් සඳහන් කර ඇත්තේ කැලිෆෝනියා හි දිස්ත්‍රික් අධිකරණයක ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් ඊයේ මෙම නඩුව විවෘත කර ඇති බවයි. ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වෙනුවෙන් පෙනී සිටිමින් අදාළ නඩුව පවරා ඇත්තේ එම මධ්‍යස්ථානයයි.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැලිෆෝනියාවේ අධිකරණයක ද දෙමළ තරුණයෙකු වද හිංසාවට ලක් කිරීමට අදාළව නඩුවක් ගොනුකර ඇති බව පසුගියදා වාර්තා වුණා.