” ගින්නෙන් උපන් සීතල ” විජේවීරට පණ පෙවූ කමල් කියූ කතාව

0
273

කලකට පසු බිහි වූ   විශිෂ්ට සිනාමා නිර්මායක් ගැන ලංකාව පුරා මේ වන විට කතා බහට ලක් වී තිබෙනවා. රෝහණ විජේවීරයන්ගේ ජීවිත කාතාව ඇසුරු කරගෙන නිර්මාණය කරන ලද ” ගින්නෙන් උපන් සීතල ” යන මෙම චිත්‍රපයට අති සාර්ථක ලෙස රට වටා සිනමාහල් වල ප්‍රදර්ශනය කරමින් පවතිනවා.

මේ සිනමා නිර්මාණයේ රෝහණ විජේවීරයන්ගේ චරිතය වෙනුවෙන් අද්වීතිය රංගනයත් ලබා දීමට එක් වන්නේ ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දර ආරච්චි මහතායි. කලකට පසු දායක වූ සුවිශේෂි සිනාමා කෘතියේ ප්‍රධාන චරිතයෙන් ලැබූ අත්දැකීම් ගැන කමල් අද්දර ආරච්චි මෙලෙස අදහස් දක්වා තිබුනා.

ඔබව මේ දවස්වල ප්‍රේක්ෂකයන්ට මුණගැහෙන්නේ විජේවීර සහෝදරයා විදියට. ඒ අවස්ථාවට ඉඩකඩ නිර්මාණය වුණේ කොහොමද?
‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය නිෂ්පාදනය කරන ආයතනයේ අධිපතිතුමා තමයි මට මුලින්ම ආරාධනා කළේ. රෝහණ විජේවීර ගැන චිත්‍රපටයක් හදනවා ඒකට මාව තෝරගෙන තියෙනවා කියලා කිව්වා. මම ඒක ඒ තරම් ගණන් ගත්තේ නෑ. ඉතින් මාව හම්බවෙන හම්බවෙන වෙලාවට ඒක කියන්න ගත්තා. ඊට පස්සේ මට දවසක් කිව්වා ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ මුහුරත් උළෙල තියෙනවා එන්න කියලා. මම කිව්වා ‘මට තාම තිර රචනයවත් ලැබුණේ නෑ. තිර රචනය බලනකල් මට එන්න බෑ’ කියලා. ඊට පස්සේ මට අසම්පූර්ණ පිටපතක් ගෙනත් දුන්නා. ඒක කියවද්දි මට යම් පැහැදීමක් ආවා මේ චිත්‍රපටය ගැන.

ඊට පස්සේ ඔබ මුහුරත් උළෙලටත් එකතු වෙනවා?
ඔව්, මම මුහුරත් උළෙලටත් ගියා. ඒත් ඒ චරිතය කොහොමද මොන විදියටද කරන්නේ කියලා මට අවබෝධයක් තිබුණේ නැහැ.

එහෙනම් ඒ චරිතය වෙනුවෙන් මුහුරත් උළෙලට ගියේ ඇයි?
මම මට ඕනම චරිතයක් කරන්න පුළුවන් කියලා හිතනවා. ගැහැනු චරිතයක් කරන්න පුළුවන්ද ඇහුවත් මම බෑ කියන්නේ නෑ. ඉතින් ඒ නිසා චරිතය ගැන අවබෝධයක් නොතිබ්බාට මට ඒ චරිතය කරන්න පුළුවන් කියන තැන මම හිටියා. මුහුරත් උළෙලෙදි මට ගෙවීම් කරන්න ගිවිසුම් ගැහුවම මට තේරුණා මේක සරලව හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. මට චකිතයකුත් දැනුණා. යම් චරිතයක් කරද්දි ඒකේ වගකීම නළුවාටත් එනවා. මම දිනාගත්ත නමත් එක්ක ෆේල් වෙන්න බලන් දෙයක් කරන්න බෑ.

හැමෝම රූගත කිරීම්වලට යද්දි කමල් මුලින් රූගත කිරීම්වලට එකතු වුණේ නැත්තේ ඇයි?
වේශ නිරූපණ පරීක්ෂණ කිහිපයක් කරලා චරිතය හදාගෙන තමයි මම රූගත කිරීම්වලට එනවා කියලා කිව්වේ.

මට ඕන වුණා විජේවීරගේ චරිතයේ හැඩරුවට සමාන පසුබිමක් හදාගන්න. ඒ චරිතය වෙනුවෙන් දත් සෙට් එකක් ඕන වුණා. ඒ හදන මගේ නොවන මගේ දත් සෙට් එක කටට අපහසුවක් නොවෙන්න පැලඳගෙන ඉන්න ඕන. ඒ දත් සම්බන්ධ තාක්ෂණික වැඩ කරන අය එක්ක අපිට ඒ චරිතයේ පෙනුමට අවශ්‍ය කාරණා ටික හදාගන්න ඕන වුණා. අනෙක් අය ෂූටින් යද්දි මම ෂූටින් ගියේ නැහැ. නාරද ධනංජය තමයි අපේ වේශ නිරූපණ ශිල්පියා වුණේ. විජේවීරගේ හැඩතල තියෙන විදියට මගේ පෙනුමේ 70%ක් වගේ හැදුවට පස්සේ තමයි මම රූගත කිරීම්වලට ගියේ. එතැනදි මේකප් දැම්මාම මට විශ්වාසයක් සහ ශක්තියක් දැනුණා ඒ චරිතය කරන්න.

අසම්පූර්ණ පිටපතක් කියවලා චරිතය කරන්න එකඟ වෙන එක අභියෝගයක් කියලා හිතුණේ නැද්ද?
චිත්‍රපටය හදද්දි ඔවුන් ඊට අවශ්‍ය මූලික කරුණු ටික ගොනු කරගෙන තිබුණේ. තිබුණු පුංචි පුංචි අඩුපාඩු දෙවැනි පිටපතෙන් අඩු කරගෙන තිබ්බා. මුහුරත් උළෙලේ ඉඳන් ෂූටින් යන දවස වෙද්දි තිරපිටපත ඔවුන් සම්පූර්ණ කරගෙන තිබ්බේ. කොහොමත් මුල් පිටපතේ සැකිල්ල දකිද්දිම මට මේ වැඩේ ගැන සියයට පනහකට වඩා විශ්වාසයක් ගොඩනැඟිලා තිබුණේ. ඒ චිත්‍රපටය තුළින් රෝහණ විජේවීරගේ චරිතයට ලොකු සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා කියලා හිතනවා.

ඔබට මේ චරිතය ගොඩනඟන්න කොයි තරම් මහන්සි වෙන්න වුණාද?
මට තියෙන අත්දැකීම් එක්ක මම කවදාවත් විජේවීරව දැකලා නෑ. පින්තූර සහ වීඩියෝවලින් තමයි ඔහුව දැකලා තිබුණේ. මම විජේවීර ගැන ඊට කලින් කියවලා තිබ්බෙත් නෑ.

නමුත් චිත්‍රපටයේ තිර රචනය හරහා මට යම් අවබෝධයක් ලැබුණා. ඔහු කළ දේශපාලන කතා, ඔහු ගැන ඉදිරිපත් කළ ලිපි පසුව කියවද්දි ඔහු අපි දන්න අපිට ඒත්තු ගන්වලා තිබ්බ කෙනා නෙවෙයි කියලා තේරුණා. ඔහුව ඇසුරු කළ සමකාලීනයන් එක්ක කතා කරද්දි ඔහු මනුස්සයෙක් ලෙස හිටපු තැන අවබෝධ වුණා. 1980 ගණන්වල එවකට පැවැති රජය ඔවුන්ව මර්දනය කරද්දි, ඔවුන්ගේ මතය ආකල්ප ඔහු කී දේවල්වලින් ඔප්පු වුණා.

රෝහණ විජේවීර කිව්වේ ඔවුන්ව අතුගාලා දාන්න ඕනේ නම් කරන්න ඕන ඔවුන්ට කලින් සමාජවාදී විප්ලවය කරන්න කියලා. ඔහුගේ අපේක්ෂාව එතැනින්ම තේරෙනවා. ඔහුට ජාතිවාදී ලේබල් අලවලා වෙනම තැනකට තල්ලු කරලා තිබ්බට ඔහු ගැන මිනිස්සු දැන ගන්න ඕන ඇත්තක් තිබුණා. මේ පසුබිමත් එක්ක තමයි මම ඒ චරිතයට හැඩගැහුණේ.

ඔබට මේ චරිතයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවද?

සම්පූර්ණ වපසරිය ගත්තාම මම එයට සාධාරණයක් කරලා තියෙනවා කියලා හිතනවා. කාලයත් එක්ක අපිට දැනෙයි තව දේවල් කරන්න පුළුවන්කම තිබ්බා නේද කියලා.

දේශපාලන චරිතාපදානයක ප්‍රධාන චරිත නිරූපණය ඔබ වෙද්දි ඒ චරිතයට එන විවේචන ගැන ඔබ සැලකිලිමත් වුණාද?

චිත්‍රපටය බලලා ඉවර වුණාම මිනිස්සු තීරණය කරයි යමක්. මේකට විරුද්ධ අය කොහොමත් ඒ වැඩේට විරුද්ධයි. සාමාන්‍ය මිනිස්සු මේ චිත්‍රපටය බලලා යම් අවබෝධයක් ලබාගනියි. මම මේ ජේ.වී.පී. එක ගැන අමුතු සෙනෙහසක් ලබලා කතා කරනවා නෙවෙයි. එදා තිබ්බ ජේ.වී.පී. එක නෙවෙයි අද තියෙන්නේ.

විජේවීරව සිනමාවේ ජීවමාන කරන්න ඔබට අභියෝගයක් වුණු තැන් තියෙනවද?

තමන්ගේ ස්වරූපයෙන් සම්පූර්ණයෙන් වෙනස් ස්වරූපයක චරිතයක් කිරීම නළුවකුට ලොකු භාග්‍යයක්. වෙනම හැසිරීම් රටාවක්, පෙනුමක්, වාග් විලාසයක්, අංග චලනයන් මේ චරිතය තුළ තියෙන්නේ. ඒ චරිතය තුළ ජීවත්වෙලා ඊට හැඩගැහිලා ඒ වගේ චරිතයක් කිරීම අභියෝගයක්. රෝහණ විජේවීර කියන චරිතයට ඉතිහාසයේ අසාධාරණයක් වුණා. ඔහු ශේ‍ර්ෂ්ඨ නායකයෙක්. විජේවීරගේ චරිතය කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.

මේ චරිතය ගොඩනැංවීම තුළ සම්මානනීය බලාපොරොත්තු තියාගෙන ඇති?

සම්මාන ගැන හිතලා මම රඟපාන්නේ නැහැ. මම රඟපාපු චිත්‍රපට සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. නාම යෝජනා වී තියෙනවා. ඒ වගේම සම්මාන ලැබිය යුතු අවස්ථාවලදී සම්මාන ගිලිහිලාත් තියෙනවා. සම්මාන නෙවෙයි ‘කමල් මෙන්න මේ වගේ කෙනෙක්’ කියලා මිනිස්සුන්ගේ හදවත්වල ජීවත් වුණාම ඇති. ඒක තමයි අපිට වටින්නේ.

විජේවීර විදියට සිනමාවේ පෙනී සිටිද්දි ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය ඇමෙරිකාවේ පෙන්නද්දි මාව බදාගෙන අඬපු අය හිටියා. ලංකාවේ චිත්‍රපටය පෙන්නද්දිත් සමහරුන්ගේ ඇස්වලට කඳුළු ඇවිත් තිබ්බා. කඳුළු පිසදාමින් තමයි ඔවුන් චිත්‍රපට ශාලාවෙන් එළියට ආවේ. ඒ වගේම චිත්‍රපටය බැලුවා හෝ නැතා විවේචනය කළ අයත් හිටියා. මොන හොඳ දේ කළත් ඒකට විරුද්ධ කවුරු හරි දේවදත්ත කෙනෙක් ඉන්නවනේ. විරුද්ධ විවේචන ආවොත් එය නරඹපු ප්‍රේක්ෂකයෝ ඒකට උත්තර දෙයි.

ඔබේ රංගනය කවුරු හරි විවේචනය කළොත් ඔබ ඒ විවේචන භාරගන්නවාද?

මම දැන් ඒ චිත්‍රපටයේ රඟපාලා ඉවරයි. ඕන කෙනකුට මොන දේ ගැන වුණත් විවේචනාත්මකව කතා කිරීමේ නිදහස තියෙනවා. නමුත් ඒක භාරගන්නවාද නැද්ද කියන දේ විවේචනවලට අනුව සිද්ධ වෙන දෙයක්.

චිත්‍රපටය බලලා කමල් කෝ කියලා හොයපු අයත් හිටියා කියන්නේ ඇත්තද?

ඔව්, තිස්ස නාගොඩවිතාන මහත්මයා චිත්‍රපටය නරඹලා විනාඩි විස්සක් වගේ යනකල් මාව හෙව්වා කියලා ඔහු මට කිව්වා. මම එහි කටහඬ පවා වෙනස් කරගෙන තියෙන්නේ. ඉතින් ගොඩක් අයට මාව හඳුනාගන්න බෑ.

‘ගින්නෙන් උපන් සීතල’ ඔබේ සිනමා ජීවිතයේ සුවිශේෂී කඩඉමක් කියලා හිතනවද?

දැන් මට තියෙන ලොකුම තෘප්තිය තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වීම. එයින් ප්‍රේක්ෂකයෝ රසයක් විඳියි. ඒ ගැන කතා කරයි. ඒවා සියල්ල අනිත්‍යයි. ඒක අතීතයට එකතුවෙලා වැළලිලා යයි. මම මේ අවස්ථාව ලැබීම ගැන මේ මොහොතේ සතුටු වෙයි. අනාගතයේ සතුටු වෙයි. සමහර විට මීටත් වඩා දේවල් කරන්න තිබ්බා නේද කියලා හිතෙයි. ජීවිතය අතෘප්තිකරයි. හරියට බඩගින්න වගේ. අද බඩ පැළෙන්න කෑවට හෙටත් බඩගින්න එනවා. කලාකාරයා තමන් කරන දේ කරලා පොඩි කාලයක් සතුටින් ඉඳියි. කලාකාරයාට තවත් හොද දේවල් කිරීමේ අපේක්ෂාවන් තියෙනවා.

මමත් ජනතාව වෙනුවෙන් කලාවට යමක් කරන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

ඔබ සිනමාවට ඇවිත් දීර්ඝ කාලයක් වෙනවා. නමුත් ඔබ ඉල්ලුමටම සැපයුම දෙන නිතර පේන කෙනෙක් නෙවෙයි. ඇයි ඒ?

සිනමාවට ඇවිත් හතළිස් වැනි අවුරුද්ද මම මේ ගත කරන්නේ. දැනට චිත්‍රපට පනහක විතර මම රඟපාලා තියෙනවා. මම තෝරා බේරාගෙන රඟපාන්නේ. මාවම හිතේ තියාගෙන මං වෙනුවෙන් චිත්‍රපටයක් හදන කෙනෙක් ළඟ මම ඉන්නවා. චිත්‍රපටයක් හදලා මාව ඕන වුණොත් ඒක මට ගැළපෙනවද නැද්ද කියලා බලලා මම එයට සම්බන්ධ වෙන්නේ. මම රඟපාපු හැම චරිතයකින්ම දෙයක් ඉගෙනගන්න පුළුවන්.

මම චරිතාංග නළුවෙක් ලෙස නම දිනාගෙන තියෙනවා. ජනප්‍රිය වෙලා මගේ නම වාණිජ මට්ටමෙන් පවත්වාගෙන ගිහින් ප්‍රේක්ෂකයා බාල වින්දනයක තියන්න නෙවෙයි ඔවුන්ගේ බුද්ධිය රසඥතාව වර්ධනය කරන දෙයකට සම්බන්ධ වෙන්න මම කැමැතියි.

ඔබ ටෙලි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ජාත්‍යන්තර සම්මාන ලබා ගත්තා. සිනමාවේ වසර හතළිහක් රැඳිලත් වෘත්තාන්ත සිනමා නිර්මාණයක් කරන්න ඔබ යොමු වුණේ නෑ. ඇයි ඒ?
මට ටෙලි චිත්‍රපටය කරන්න ආරාධනා ලැබුණා. ඒක මම කළා. ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකට යැව්වම එය හොඳම චිත්‍රපටය වුණා. ඒ දේවල් බලාපොරොත්තු ඇතිව කළ දේවල් නෙවෙයි. අහම්බෙන් වුණු දේවල්. කතාවක් තියෙනවනේ වයින් පරණ වෙන්න පරණ වෙන්න තමයි රස සහ වටිනාකම වැඩි. මටත් සිනමාවට අත ගහන්න තව කල් තියෙනවා.

අලුත් ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනා කීපයක් ලැබුණා. ඒ ඒ දේවල් ගැන කතා කරමින් තියෙනවා. මම උපේක්ෂාවෙන් ඒ දේවල් දිහා බලාගෙන ඉන්නවා.

‘ගින්නෙන් උපන් සීතල’ ඔබේ සිනමා ජීවිතයේ සුවිශේෂී කඩඉමක් කියලා හිතවද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here