ගාල්ල කණ්ඩායම වෙනුවෙන් මාලිංග කඩුලු 7ක් දවා ගනී – තරඟයේ ජය ගාල්ලට

0
187

අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලියේ අද පැවැත්වෙන දෙවන තරඟයේදී ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ලසිත් මාලිංග ලකුණු 49ට කඩුලු 7ක් බිඳ හෙලා තිබෙනවා. මහනුවර කණ්ඩායමට එරෙහිව මාලිංග බිඳ හෙලු කඩුලු 7ත් සමග ගාල්ල කණ්ඩායම තරඟය ජය ගත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ලකුණු 255ක් ලබාගත් අතර පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායම ලබාගත්තේ සියලුදෙනා දැවී ලකුණු 99ක් පමණයි.

ගාල්ල කණ්ඩායමට නායකත්වය ලබාදෙන ලසිත් මාලිංග ඊයේ දිනයේ ඉන්දියාවේ පැවැත්වෙන IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා කඩුලු 3ක් දවාගත්තා.

Image may contain: one or more people, people playing sport and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here