ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රිමාන්ඩ්

    0
    360

    ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ ‍පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර ගැනීමට අල්ලස් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේ විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කළ එම විදුහල්පතිනිය ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

    පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර ගැනීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගත් බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ එම විදුහල්පතිනිය අත්අඩංගුවට ගනු ලැබීය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here