ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක්-පුද්ගලයෙක් මරුට-3කට තුවාල

0
460

ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිඛෙනවා.

අද පෙරවරු 8 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

තුවාල ලැබූ 3 දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here