ගලබොඩ ඇළේ දිය නෑ දෙදෙනෙක් ජීවිතක්ෂයට

0
130

නාවලපිටිය පොලිස් වසමට අයත් ඉගුරුඔය මාපකන්ද ප්‍රදේශය හරහා මහවැලි ගඟට ජලය ගලා බසින ප්‍රධාන අතුශාඛාවක් වන ගලබොඩ ඇළේ දිය නෑමට ගිය දෙදෙනෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත් වී ඇති බව නාවලපිටිය පොලීසිය පැවසිය. මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් හිජිරාපුර ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහුමාන් (13) හැවිරිදි අයෙකු සහ මොහොමඩ් මුත්තාර් (42) නැමති අයෙකි.  

ජීවිතක්ෂයට පත් වු දෙදෙනා ඥාති පිරිසක් සමඟ ගලබොඩ ඇළේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදි තිදෙනෙක් ජලයේ ගිලී ඇති අතර ඉන් එක් අයෙක්ව බේරා ගැනීමට ඔවුන්ගේ ඥාතින් සමත් වී තිබේ. අද (22) උදෑසන 9 ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර මිය ගිය අයගේ සිරුරු එම ඇළේ තිබි නාවලපිටිය පොලීසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක් ව ගොඩගෙන නාවලපිටිය මූලික රෝහලේ මෘත ශරිරාගරයේ තැන්පත් කර ඇත.

ජීවිතක්ෂයට පත් දෙදෙනා සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here