ගම්මිරිස් කපන්න ගිය හොර ගේ හිමියාගේ පිහි පහරින් මියයයි.

බදුල්ල දඹගහපියේ දී වක් පිහියකින් කපා පුද්ගලයෙක් ඝාතනය කළ සැකකරු එම සිද්ධිය සඳහා යොදාගත් බව කියන වක් පිහියක්ද සමඟ පැමිණ පොලිසියට බාරවු බව බදුල්ල පොලිසිය  පවසයි. සැකකරු පවසා ඇත්තේ මරණකරු ඊයේ (07)රාත්‍රීයේ තමාගේ නිවසේ තිබු ගම්මිරිස් සොරකමේ පැමිණි ඇති  බවත් නිවස පිටුපස ඇති සදුන් ගස මුලින්ම ගලවාගෙන යාම උත්සාහ කළ බවත්ය.

තමා ඇහැරී බලන විට සැකකරු පලායාමට උත්සහ කළද ඔහු බිම ඇද වැටුන බවත් එවිට වක් පිහියෙන් කකුල කැපු බවත් ඔහු  පවසා තිබේ. ඉන්පසු තමන් සිය පුතු සමඟ මෙම තුවාල කරු බදුල්ල මහ රෝහලට ගෙන ගොස් ඇත. නමුත් තුවාල කරු සුථ වේලාවකින් පසු මියගොස් ඇති බව වාර්තාකරු පැවසීය. මරණකරු  බදුල්ල සොරණාතොට මීගහවෙල පදිංචි කරුවෙක්. බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න